முகப்பு News Archive Get rid of fleecers on the Uma Oya victims relives funds

Get rid of fleecers on the Uma Oya victims relives funds

1382
0
பகிர்ந்து

Locals in Badulla  and civil societies in Badulla and Sri Lanka are saying, very little public funds available for the victims of the disastrous  Uma Oya development  project is fleecing  by the some high ranking government officials. Due to corruptions and inaptitude of the some high ranking officials who are dealing with this matter, make no efficient relives efforts taking place, they are saying.
not only the people are suffering from calamities produced by the disastrous Uma Oya Project, also suffering from uselessness and corruptions of the government officials. this situation similar to “bull by the horns to the who fallen from the tree”,  forwarding a letter to the Sri Lanka president Mr. Miyithripaala Srirsena, said  Mr. Keerthi R Thennakoon director of the CAFFE Institute.
As to the CAFFE Institute and to the locals, it is seem to be current government agent in Badulla District  is working on some other  political agenda which appear to be favouring  to former president or suppositious  future president but, not the current, actual president and his government.  These current government agent’s  activities are helping to race people’s discontent  and  antagonism on the current government and these sentimental   would not helping to current president and his government. They are requesting from the president of Sri Lanka,  appoint an honest and capable governments agent and some officials, instead of this government agent and officials along with  implement an effective program to disaster relives on Uma Oya victims.

Full text of the letter forwarded to president is in bellow.

Uma Oya CIC -UK observation  ;-  Uma Oya CIC- UK  have received few reports  which appear to be confirmed these scenarios of incapacitates officials, negligence and  corruptions on victims relives funds. Sri Lankans expatriates and migrants’ concerns and discontent are currently  racing rapidly on this matters. The Uma Oya CIC – UK is  urging  on behalf for them, from the President of Sri Lnanka and relevant high officials, while investigating corruptions and negligence of high officials who are like these, appoint the honest and capable officials and implement an effective program for victims of disastrous Uma Oya project.          .

Rajith Keerthi Tennakoon's profile photo, Image may contain: 1 person

නීල් ද අල්විස් මහතා, ස්වදේශ කටයුතු ලේකම්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ.
ලේකම්තුමනි,

උමාඔය සහන සැලසීම හා භුමිකාව සම්බන්ධයෙනි.

මේ පිළිබද මම විසින් යොමු කරන ලද කිසිදු ලිපියට හෝ පිළිතුරු ලිපියක් ලියන්නට විනයක් හෝ රාජ්‍ය සේවකයෙකු සතු විය යුතු වගකීමක් ස්වදේශ කටයුතු ලේකම් ලෙස ඔබට නැත.ගරු ජනාධිපතිතුමන්, ජනාධිපති ලේකම්, , අග්‍රාමාත්‍ය ලේකම් නොතකා කටයුතු කරන්නට ඔබ ‘නිලධාරිවාදයෙන් හිස උදුම්මා ගත්‘  ලේකම්වරයෙකු  වී ඇත.  දහස් ගණනක් බදුල්ල, බණ්ඩාරවෙල පෙළපාලි යන හේතුව අවබෝධ කර ගත නොහැකිව ඇත.  පසුගිය ඔක්. 19 දා කොළඹ දී ඔබ ඉදිරියේම උමාඔය සහන කටයුතු පිළිබද බදුල්ල දිසාපති නිමල් අබේසිරි ගේ ‘සහන භුමිකාව නිරුවත් වූ පසුව ද, ඔබ ප්‍ර‍ශ්නය මගහැර සිටී.

සේවා දිගුවක් ලබා සිටින නිමල් අබේසිරි මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යාජ වාර්තා සැපයූ අයෙකු බව ඔබ දනී. 2017 ඔක්තෝබර් 22 ඉරිදා මව්බිම පුවත්පතේ 14 වන පිටුවේ සම්මුඛ සාකච්ඡාවට අනුව ‘‘ජනතාව කියන අයගෙන් 10 ක් ගෙනත් දෙන්න‘‘ යැයි ඔහු කියයි.  අවස්ථා ගණනාවක දී දහස් ගණනක් පාරට බැස උද්ඝෝෂණ කරන්නේ ඇයි දැයි නොතේරෙන අයෙකු දිසාපතිකම් කරන්නේ කෙසේද? යන්න ඔබට නොවැටහෙන්නේ ද?  එසේ නොවේ නම්,  ඔබ වැනි හිටපු ජනාධිපතිවරයෙකු හෝ අනාගත ජනාධිපතිවරයෙකුට  මිස වත්මන් රජයට සේවය කරන්නෙකු විය නොහැකිය.

සහන අරමුදල වෙත යොමු කළ රු. මිලියන 100 ක මුදල් සැප්. 13 සිට ඔක්. 9 දක්වා භාවිතය ගෙන නැති බවට හෙළි කරනු ලැබූවේ මා විසිනි.  නිමල් අබේසිරි මව්බිමට කියන්නේ ‘ඔක්. 10 ලැබුණු මුදලක් ගැනය.  එවිට ගිණුමේ ශේෂය රු. 12,279.55 ක් ලෙස වාර්තා ලියුවේ මේ දිසාපති නොවේ ද? සති තුනක් පුරා අරමුදල් නොමැති බැවින් සහන සැපයීම සිදු නොකරන බව පවසා ජනතාව දහස් ගණනක් බදුල්ලේ පෙළපාලි යන තැනට වැඩ කටයුතු සකස් කළේ මේ බදුල්ල දිසාපති ය. මේ බව මහවැලි අමාත්‍යංශයට මම පැමිණිලි කළෙමි.  ඉන් පසුව එදිනම තවත් රු  මිලියන 100 ක් බදුල්ලට යොමු කරනු ලැබීය.  පසුව හෙළි වූයේ ඒ වන විට සැප්. 13 යොමු කළ රු. මිලියන 100 ක මුදල රුපියලක් හෝ සහන කටයුතු සදහා යොදා නොගෙන සහන ගිණුමේ තිබූ බවයි.   දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දහස් ගණනක් පෙළපාලි යද්දී නිමල් අබේසිරි සිය කාමරයට වී සිනාසෙමින් සිටියේ ජනතාවට පාරට බැස්සවීමට මාර්ගය සැකසීමේ ප්‍රීතිය භුක්ති විදිමිනි.

උමාඔය සහන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් පරිදි ජූලි 28 දින නිහාල් ගුණරත්න මහතා බදුල්ල අතිරේක දිසාපතිවරයා ලෙස ඔබ විසින් පත් කරනු ලැබීය.  එම පත්වීම් ලිපිය නිකුත් කිරීමටත් පෙර ඔබ මා සමග දුරකතනයෙන් පැවසූවේ හෙට දින (29) සිය මෙම අර්බුදය විසදෙනු ඇති බවයි.  අදට දින 85 ක් ගතවී ඇතත් ඔබ විසින් පත් කළ අතිරේක ලේකම්වරයාට වැඩ බාරගැනීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීමට ඔබට හැකි වූයේ නැත.  මරණ වරෙන්තු අතේ තබාගෙන සිටින ඇල්ල, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්ට අනුප්‍රාත්තිකයින් රහිතව ස්ථාන මාරුවීම් ලබාදී ඔබ  දිසාපතිවරයා සමග එක්වී බදුල්ලේ දැවැන්ත පරිපාලන අවුලක් නිර්මාණය කර ඇත.

දේශපාලනික අවශ්‍යතාව මත බදුල්ල දිසාපති නිමල් අබේසිරි ට රැකවරණය සපයන නිලධාරියා බවට ඔබ පත්වී ඇත.  දුෂිත හා අකාර්යක්ෂම නිලධාරීන්ට රැකවරණය සැපයීමේ ඔබගේ ක්‍රියා පිළිවෙත නිසා ගරු අගමැතිතුමා පවසන පරිදි රජයට සිදුව ඇත්තේ හෙළිකොප්ටර් අරගෙන සල්ලි කොළ ගුවනින් බෙදා හැරීමට ය.  මරණ වරෙන්තුව අත තබාගෙන සිටින පිරිසකට මල්වඩම් ගුවනින් හෙළන්නට බලා සිටින දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් ගැන ඔබට මෙයට පෙර සවිස්තරව ලිපි ලියා ඇත.

ජනාධිපතිතුමාට, අමාත්‍යවරුන්ට ඉහළ හා සමාන්තර ලේකම්වරුන්ට ඇහුම්කම් නොදෙන ඔබගෙන් වැඩක් කරවා ගැනීමට නම්  අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා හරහා පැමිණිය යුතු බව කියන්නේ ඔබගේ රාජ්‍ය නිලධාරීන්මය.

බදුල්ල දිසාපති විසින් සකස් කළ අකාර්යක්ෂම උමාඔය සහන යාන්ත්‍ර‍ණය තුළින් සෙතක් සැලසුණු අයෙකු නැත. රජයේ තක්සේකරුකරු ගේ නිලධාරීන්ට ගෙවීමට ඇති දිමනාව පමනක් රු. මිලියන 4.6 කි.  දිසාපති එම මුදල් ගෙවා නැත.  එහි ගෙවීම් මහවැලි අමාත්‍යාංශයට යොමු කර ඇත.   අනෙක් අතට වැඩි කළ නිවාස කුලීය ගෙවනු ලැබූ එකම අයෙකු හෝ නැත!  වැලිමඩ, ඌවපරණගම, හාලිඇළ කන්න 4 කින් වගා වන්දි ගෙවා නැත!! වැසි සමය ඇරඹී ඇතත් මේ කන්නයේ වගාවක් කරන්නට වන්දි නොදීම මේ නිලධාරීයාගේ එකම අරමුණ වී ඇත.   (සහන ලබාදී හිරේ යන්නට වන බව ඔහු පසුගිය දා ඔබ ඉදිරියේම පවසා ඇත.   ලැජ්ජයි.  බදුල්ල දිසාපතිකමේ වගකීම දැරිය හැකි කිසිවෙකුත් පරිපාලන සේවයේ නොමැති ද? නැතිනම් ඔබ ඔවුන්ට වගකීම් බාරදීම සිදු නෙකරන්නේ ද?

බණ්ඩාරවෙල හෝ ඇල්ල එක නල ලිදක් ඉදිකොට නැත.  නමුත්, මිලියන ගණනින් ජල බවුසර් සදහා වැය කොට ඇත!!!  බවුසර් 11 ක් පිට්ටනියක නවතා ඇති බව අනාවරණය වූ විට ස්වදේශ ලේකම් ලෙස ඔබගේ පිළිතුර ‘ඒවා ආපසු එවන්න‘ ට නියෝග දීම ය.  ලංකාවේ දරුණුම ආපදා තත්වය ඇති දිස්ත්‍රික්කය ජල ටැංකි 4000 ක් මිස ජලය නැත. තවත් ටැංකි 2700 ක් මිලදී ගැනීමට සුදානම් ය. ජනාධිපතිතුමාගේ නියෝගයෙන් ඇරඹි නල ළිං ඉදිකිරීම නවතා දැමූවේ අගෝස්තු 15 සිට දෙමෝදර ජලය ලබාදීමේ දිසාපති පොරොන්දුව මත ය. අදටත් බවුසර්වලට ජලය පුරවන්නට ‘බවුසර් පොයින්ට්‘ ඉදිකර නැත.  මේවා ඔබට මෙයට පෙර ද ලියා එවා ඇත.  මිනිසුන් ඉල්ලන්නේ ජලය මිස ටැංකි නොවන බව නොතේරෙන රාජ්‍ය නිලධාරීයෙකු වේ නම් ඒ බදුල්ල දිසාපති හා ඔහුගේ සේවා ප්‍ර‍ධානියා වන ඔබ පමණක් විය යුතුය.

රජය විසින් උමාඔය සහන සැලසීමට ලබාදී ඇති රු. මිලියන 600 ක මුදලින් ජනතාවට සැබෑ සහනයක් ලැබී නැත්තේ බදුල්ල දිසාපතිගේ භුමිකාව නිසාය.  පොළොන්නරුව දිසාපති ලෙස එහි ජනතාවට කොඩි විනයක් වූ මොහු, බදුල්ලට දමා එහි පරිපාලනය වියවුලක් කළේ ස්වදේශ ලේකම් ය.  ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ විරෝධය ද නොතකා විශ්‍රාම ගිය  ඔහුට සේවා දිගුවක් ලබා දුන්නේ ඔබ විසිනි. ජනාධිපතිවරයාට, ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන්ගේ අදහස නොපිළිගන්නා ගරු අගමැතිවරයා පවසන පරිදි අකර්යක්ෂම නිලධාරීන් රැකීමට කැපවී සිටින ඔබට, නිමල් අබේසිරි ගැන මින් පසු ලිපි ලිවීමට මාගේ අදහසක් නැත. ලංකාවේ ඉහළම ආදායමක් ලබන ගොවීන් පිරිසක් බවට පත් කිරීමට කෘතගුණ සැලකීමක් ලෙස ඉහළ ඌවේ ජනතාව සිය අතිරික්ත ධනයෙන් රාජ්‍ය සේවකයෙකු වූ නෝමන් ගුණතිලක මහතා වෙනුවෙන් ‘ගල් පිළිම නෙලා ඇත.  ජනතාවට සහන සැලසීමට ලබාදුන් මුදල් ජනතාව අතට පත් කිරීම වැලැක්වීම අපරාධයකි.  ඔබ බදුල්ල දිසාපති නිමල් අබේසිරි ගේ රැකවල්කරුගේ භුමිකාවෙන් ඉවත්ව රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරන ලෙස නැවත ඉල්ලමි.

 මිලියන 500 හා 600 අතර වෙනස නොදන්නා මේ දිසාපති ‘දහ දහස් ගණන් මිනිසුන් හා මිනිසුන් 10 අතර වෙනස දන්නේ ද නැත..!

දහස් ගණන් ජනතාව සහභාගි වූ හර්තාලයක් හා උද්ඝෝෂණ ව්‍යාපාර දෙකක් සිදුවන විට බදුල්ල දිසාපති පුටුවේ ඉදගෙන සිටින්නේ මෙවැනි දහයට ගනන් ගනන් කරන්නට නොදන්නා මෙවැනි ‘නිලධාරිවාදයෙන් ඔළුව උදුම්මා ගත් මිනිසෙකි.‘ අද උද්ඝෝෂණ ජීවත් වෙන්න කරන වැඩක් යැයි කියන මොහු හිතාගෙන ඉන්නේ බණ්ඩාරවෙල මිනිසුන් වතුර ඉල්ලා පෙළපාලි යන්නේ ජොලියට කියා විය හැකිය. මේ දිසාපති වැඩ කරමින් සිටින්නේ ‘හිටපු ජනාධිපති‘ ට හා ‘වෙන්ඩ ජනාධිපතිට‘ මිස ශ්‍රී ලංකා රාජ්‍යයට හෝ බදුල්ලේ මිනිසුන්ට නොවේ. මෙවැනි මිනිසුන් ඉහළ ඌව රැගෙන යන්නේ මලගම වෙතය.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය