Home Uma Oya Project Articles ඔබ උමා ඔය org සමග එක් විය යුත්තේ ඇයි ?

ඔබ උමා ඔය org සමග එක් විය යුත්තේ ඇයි ?

708
0
SHARE

by Director board – Uma Oya CIC. UK 

ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇති කල ව්‍යාපෘති අතුරින් ශ්‍රී  ලංකාවට අති විශාල විනාශයක් ලගා කර දුන් ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියයි. එහි ආරම්භයේ සිට වූ කොතෙකුත් වංචා හා දුෂණ පසෙකලා, පාරිසරික, පොදු ජෛව විවිධත්වයට හා සම්භවයන්ට, සමාජමය, සමාජ-ආර්ථිකමය අංශයන්ට කල, කරමින් සිටිනාද සහ කිරීමට නියමිත ව්‍යසනය මිනිය නොහැක. මෙම ව්‍යාපෘතිය නිසා හෙට දවසේ විය හැකි ව්‍යසනයේ තර්ජනය පිළිබද ප්‍රමාණවත් තක්සේරුවකට ඒමට රටේ ප්‍රගතිශීලී, ජනතාවාදී, රටට සැබෑ ලෙස ප්‍රේම කරනා උගතුන් සහ බුද්ධිමතුන්ට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවී ඇතත්, තවමත් ඔහුන් විවේකයක් නොමැතිව එම වෙහෙසකර කාර්‍යයේ  නියැලී සිටි.

ලංකාවේ ඇති ගංගා 103 කට උපත දෙන, ලංකාවේ දේශගුණය තීන්දු කරනා, දේශයේ හදවත බඳු මධ්යම කදු කරයේ නැගෙනහිර බෑවුමේ කිලෝ මීටර 25 කට ආසන්න උමං හාරමින්, කදුකරයේ ජල වේලි බදිමින් , අක්කර දහස් ගණන් ස්වාභාවික වන සම්පත් එලි-පෙහෙළි කරමින් සිටිනා, මෙම ඊනියා සංවර්ධන ව්‍යසනය නිසා, අද වෙන විට මෙතරම් අවතැන්වුවන්, වගා බිම් අහිමි වුවන්, සිය නිවාස විනාශ වූ ජනතාවක් බිහි කල, බිහි කරනු ලබන, පාරිසරික සහ ජෛව විවිධත්වයට හා පැවැත්මට ව්‍යසනයන් කර දෙන මෙවැනි වූ තවත් ව්‍යාපෘතියක් ලොව අන් කොතැනක හෝ ඇති දැයි සැක සහිතය.

රටේ මධ්‍යම කදු කරයේ භූ ගර්භයට සිදු වූ හා සිදුවෙමින් පවතිනා හානියේ තරම, බිම් ඉරි තාලා යාම, නිවාස ඉරි තැලී වාසයට නුසුදුසු වීම සහ භූ ගත ජලවහනය, ලිං, උල්පත්, සභාවික දිය ඇලි සහ ජලාශ සිදියාම වැනි සිද්ධීන්ගෙන් පෙන්නුම් කරයි. ඉන් ඉතාමත් සෝචනීයම උදාහරණය වන්නේ ප්‍රධාන උමගයේ දැන් සිදු වෙමින් තිබෙනා සුවිශාල ජල කාන්දුවයි. එය තත්පරයකට ජල ලීටර 3000කට ආසන්න යයි කිය වේ! මේ නිකරුනේ කාන්දු වන්නේ රටේ භූ ගර්භයේ වසර මිලියන ගණනක් පුරාවට තැන්පත්ව තිබු භූ ගත ජල නිධි හි ජලයයි. ඉතා නුදුරේදීම මෙම භූ ගත ජල නිධි සිඳී යනු ඇත. මතුපිට පසෙහි තැන්පත්ව ඇති ජලයද වහනය වී ඇති අතර පාංශු ස්ථරයන් අධික ලෙස  වියලි ඇත. අධිකලෙස වියලි ගිය පස් තට්ටු නුදුරේ දී ඇදහැලෙන නිරිතදිග මෝසම් වැසි නිසා අධික ලෙස ජලය උරා ගනිමින් පාංශු ස්තරයන් අතර වන චලනයන් තිවුර කරනු ලබයි.

මෙම ප්රදේශයේ භූ ගර්භයේ පහලම කොටස් හි ඇති ස්භාවික ජල නිධියන්හි ජලය පිටතට කාන්දු වී සිඳී ගොස් ඇති නිසා ඇති වී තිබෙනා හිඩැස තුල හටගන්නා ස්වාභාවික ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වීම තිවුර වීමත් සමග කදු සහ ඉහල පාංශු ස්තරයන් හිලා බැසීම, ස්භාවික යාන්ත්රණයේ නොවැලැක්විය හැකි අනිවාර්‍ය ප්‍රථිපලය  වේ.

තවද, මෙම උමං කැනීම සදහා විශාල වශයෙන් ගැබුරු භූ ගර්භයේ පිපිරීම් මාලාවන් යොදා ගෙන ඇත. මෙම උපක්‍රමය මගින් උමගය කැනීම පහසු වෙනවාට අමතරව, මෙම පිපිරුම් විසින් ජනිතකරනා අධි බල කම්පන තරංග මගින් භූ ගර්භයේ පාංශු ස්ථරයන් පැලී විවරයන් නිර්මානය කරනා බවත්, එම භූ ගර්භ විවරයන් සහ ඉරි තැලීම්, පාංශු ස්ථරයන්හි පමණක් නොව, මුලුමත් කදු වැටී යේම ඒකාග්‍රතාවය බිද දැමීම නිසා කඳු ගිලා බැසීම, නාය යාම්  නොවැලැක්විය හැකි,  අනිවාර්‍ය  ප්‍රථිපලය බව වන ව්ශේෂඥ මතය බැහැර කල හැකි නොවේ.

දැනට අප වෙත ලැබෙමින් තිබෙනා තොරතුරු අනුව, ඉතාමත් නුදුරේදී, ඉහතකී ව්‍යසනයට දේශය මුහුණ දෙනු ඇති බවත්, එ නිසා අහිමි විය හැකි ජිවිත සංඛාව ලක්ෂ කිහිපයක් විය හැකි බවත්, නියතයෙන්ම එය 2004දී දේශය මුහුණ දුන් සුනාමිය මෙන් සිය ගුණයක් විය හැකි බවත්, රටේ භූගෝලීය විපරිතයකට පත් වීමට ඇති ඉඩකඩ බොහෝ බවත් යන මේ නිගමනයන්ට, මේ පිළිබද උනන්දුවෙන් අධ්‍යනය කරනා උගතුන්ගේ හා බුද්ධිමතුන් පැමිණෙමින් සිටිනා බව සැලවේ.

මෙම ව්‍යසනයෙන් දේශය බේරා ගැනීමට තවමත් සුළු හෝ කාලයක් ඉතිරි වී ඇති අතර මෙම ව්‍යසනය නතර කර ගැනීමට අවශ්‍ය දැනුම, අත්දැකීම්, පුහුණු ශිල්පී ඥාාණය,  තාක්‍ෂණය අප සතුව ඇත. ඉතාමත් ඉක්මනින් සපුරා ගත යුතුව ඇත්තේ, නිවැරදිව මේ ව්‍යසනයේ බරපතල කම තේරුම් ගැනීම, ඉදිරිපත් වීම, සහ යම් සුළු, කුමන හෝ දායකත්වයක් සැපයීමයි. ඒ සදහා ඔබ සැමට ධෛර්ය හා ශක්තිය පතමින්, ඔබ සැම අප හා එක වන ලෙස අයදිමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here