Home News & Events Bandaarawella sinking again – residents moved out

Bandaarawella sinking again – residents moved out

291
0
SHARE

බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත්   බලගල වතුයායේ අද (21) නිරීක්ෂණය වූ  ගිලා බැසීමේ අවදානම්  තත්වයක් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.ගිලා බැසීමේ තත්වය හේතුවෙන් මේ වන විටත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. වර්ෂාවක් පවා නොමැති අවස්ථාවක ඇතිවූ මෙම ගිලා බැසීමේ තත්වයට නිශ්චිත හේතුවක් මේ වනතුරුත් අණාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී පිරිසක් පිටත්කර යවා ඇතැයිද හෙතෙම වැඩිදරටත් පැවැසීය.
මේ අතර පසුගිය පලාත්පාලන චන්දයෙන් ජයගත්, මෙම ව්‍යසනයට මුළුමනින්ම පාහේ වග කිවයුතු පක්ෂයක අධාරකරුවන් හා ෆරාබ් , ආයතනයේ විශේෂ ප්‍රතිලාභ ලබනා සමහර සේවකයන් දැන් කාලයක් සිට ප්‍රචාරයක් ගෙන යන්නේ, ‘බණ්ඩාරවෙල හා අවට පලාත්වල ජල ළිං නැවත වතුර පිරීමට පටන් ගෙන ඇති බවත්, සිඳී ගිය ජල උල්පත්, දිය දහරා හා ජල පද්ධතිය නැවත යථා තත්වයට පැමිනෙමි තිබෙනා බවත්ය’.  ‘ඉතිරි වී ඇත්තේ ඉරිතලා ගිය නිවාස ප්‍රතිසංස්කරණය කිරීම බවත්, එයද යුහුසුළුව ක්‍රියාත්මක කරානා බවත්ය. සියලුම විරෝධතා හා උද්ඝෝෂණ හා ක්‍රියාකාරිත්වයන් පුහු, අනවශ්‍ය දේශපාලන ක්‍රියාකාරිත්වයන් බවයි.මෙම භායනක අසාවාධ්‍ය හා කුහක ප්‍රචාරයන් ගෙන යන කණ්ඩායම්හි අරමුණ,   මෙම  ව්‍යසනය සඟවා, ජනතාව මුලා කිරීමටත් ව්‍යසනයේ සිය පංගුව වසන් කිරීමට ගන්නා ලද නීච උත්සහයක් පමණි.
සභාව ධර්මය විසින් පුන පුනා පෙන්වා දෙන්නේ මෙහි ඇති භයානක තත්වය හා ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here